කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරම්භ වූ පක්ෂ නායක රැස්විම උණුසුම් මුහුණුවරක් ගෙන ඇතැයි වාර්තා වෙයි.
මෙම රැස්වීම සදහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන නියෝජිතයන් එක්ව නොමැත. සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා එම ධුරවලින් ඉවත් තිබේ.
විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයන් මෙම රැස්වීමට එක්ව තිබේ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක යන මහත්වරුන් රැස්වීමට එක්ව තිබේ.