නෞකා ආරක්ෂාවෙන් නාවික හමුදාව ඩොලර් 598000ක් උපයයි
ජාත්‍යන්තර වෙළඳ නෞකා සඳහා ආරක්ෂාව සැපයීමෙන් ගෙවී ගිය මාස තුනක කාලය තුළ ඇමරිකානු ඩොලර් 598,000කට වැඩි ආදායමක් රජයට උපයා දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව ඇති බව අධ්‍යක්ෂක ජෙනරාල් නාවික මෙහෙයුම් රියර් අද්මිරාල් හර්ෂද සිල්වා මහතා පැවසීය.
අද (11) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ් මහතා මේ බව පැවසීය.
පසුගිය ඔක්තෝබර් 03 වැනිදා සිට සමුද්‍රීය ආරක්ෂක කටයුතු නාවික හමුදාවට පැවරීමෙන් පසු මෙහෙයුම් 323ක් සිදු කර මෙම ආදායම ලබාගෙන ඇත.
එම වගකීම නාවික හමුදාවට පැවරීමෙන් පසු, විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් 32ක් සමඟ ගිවිසුම්ගත වීමටද හැකිව ඇති අතර, මේ වන විට නාවික හමුදා සේවාව ලබාගැනීම සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බවද හර්ෂද සිල්වා මහතා පෙන්වා දුන්නේය.
මීට පෙර මෙම සේවාව සැපයීමේ බලය පෞද්ගලික ආයතනයක් වෙත පවරා තිබූ අතර ඒ් හේතුවෙන් රජයට ලැබීමට තිබූ ආදායම අහිමි වූ අතර, එම ආදායම සම්පූර්ණයෙන්ම ලබා ගෙන ඇත්තේ එම පෞද්ගලික ආයතනයයි. එම පෞද්ගලික ආයතනය ඩොලර් ආදායමෙන් සියයට විස්සක් වැනි සුළු කොටසකට අදාල වටිනාකම පමණක් රුපියල් වලින් නාවික හමුදාවට ගෙවා ඇති බවද ඒ් මහතා පෙන්වා දුන්නේය.
සමුද්‍රීය ආරක්ෂණ කටයුතු ස්වාධීනව සිදු කිරීම සඳහා අවශ්‍ය කරන භෞතික හා මානව සම්පත් බොහොමයක් නාවික හමුදාව සතු බවත්, සමුද්‍රීය ආරක්ෂණ කටයුතු ඉදිරියේදී අවම පිරිවැයකින් පුළුල් කිරීමට නාවික හමුදාව සූදානමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

