2025/2026 තක්සේරු වර්ෂය සඳහා නොවැම්බර් 30 වන දිනට පෙර ආදායම් බදු වාර්තා ලබාදිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ නියමිත කාලයට පෙර ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම තුළින් ඇති වන අපහසුතා මගහරවා ගැනීමට මේ හරහා අවස්ථාව ඇති බවයි.
ඒසේම සිය ආදායම් බදු වාර්තා මාර්ගගත ක්රමය ඔස්සේ ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවත් වැඩිදුර තොරතුරු හෝ පැහැදිලි කිරීමක් අවශ්ය වන්නේ නම් 1944 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු ලබාගත හැකි බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.