වෘත්තීය සමිති නියෝජනය කරමින් ජෝෂප් ස්ටාලින් මහතා ඇතුළු නියෝජිත පිරිසක් හා ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිතයන් පිරිසක් 43 සේනාංකය මූලස්ථානයේ දී එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු 43 සේනාංකය නියෝජිත පිරිසක් හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.
නොවැම්බර් 02 වෙනිදා වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන දියත් කිරීමට නියමිත පුළුල් විරෝධතාවය සඳහා 43 සේනාංකයේ පූර්ණ සහාය පල කිරීමට 43 සේනාංකය මෙහිදී එකඟ විය.
"දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු හැටියට ඉන්න වසන්ත මුදලිගේ තරුණයත්, සිරිධම්ම ස්වාමීන් වහන්සේත් රඳවගෙන ඉන්නවා දින 90 කට වැඩි කාලයක්. තවත් විශාල පිරිස් වලට අඛණ්ඩ පොලිස් මර්දනයක් දියත් කරලා තියෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරමින් තියෙනවා. එම කරුණුවලට විරුද්ධත්වය පළකිරීමට තමයි මේ සිදුකිරීමට යන්නේ. අපේ සහයෝගය ඒ සඳහා ලැබෙනවා."
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිත, ජෝෂප් ස්ටාලින් මහතා ;
"02 වෙනිදා පවත්වන දැවැන්ත පෙළපාලිය සම්බන්ධයෙන් අපි සාකච්ඡා ගණනාවක් කළා. මේ වෙනකොට සමගි ජන බලවේගයේ එකඟතාවය පළ කරලා තියෙනවා.ඒ වගේම ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා ඇතුළු කණ්ඩායමත් එක්ක කතා කරලා මේ වෙනකොට හිටපු අමාත්‍ය චම්පික රණවක මන්ත්‍රීවරයා සමඟත් කතා කළා. මේ සියලු දේශපාලන පක්ෂයක්ම මේකට එකඟතාවය පළ කරලා තියෙනවා."
ප්රශ්නය : ද්විත්ව පුරවැසිභාවය ගැන ගොඩක් වෙලාවට කතා වෙනවා. ඔබතුමාගේ මතය කුමක්ද?
පිළිතුර : (පාඨලී චම්පික රණවක) 19 සංශෝධනයේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තිය තිබුණා. ඒක ඉවත් වුණේ 20 සංශෝධනයෙන්.ඒ 20 සංශෝධනය එන්න කලින් තමයි මහ මැතිවරණය පැවැත්තුවේ. එතකොට 19 සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසියන්ට මැතිවරණයට ඉදිරිපත් වෙලා මන්ත්‍රීවරු වෙන්න බැහැ.
කථානායකවරයාටත් පාර්ලිමේන්තුවටත් වගකීමක් තියෙනවා මේ ගැන සොයන්න. යම් කෙනෙක් 19 සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවයක් තබාගෙන මැතිවරණයට තරඟ කරලා ජයගෙන පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් ඒ තොරතුරු වසන් කරලා පැමිණිලා තියෙන්නේ. ජනතාවගේ පරමාධිපත්‍යයට ඒ හානිය වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් සෘජුව ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. සුදුසුම දේ තමයි එවැනි පුද්ගලයෝ ඉවත් වෙන එක.