නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී 2026 නොවැම්බර් 01 වනදා සිට වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම
ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබාගැනීම
මෝටර් රථයක් ලියාපදිංචි කිරීම
මෝටර් රථ බලපත්‍රයක් අලුත් කිරීමේදී
ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම
ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම
ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම
ණය කාඩ්පතක් ලබාගැනීමේදී මෙසේ TIN අංකය ඉදිරිපත් කළ යුතුය.