වෙළෙන්දෙකු විසින් භාණ්ඩ විකුණනු ලබන අවස්ථාවේදී බහාලුම් මළු (ෂොපින් බෑග්) පාරිභෝගිකයන් වෙත නොමිලේ ලබාදීම නොකළ යුතු බවත් ඒ සඳහා මුදලක් අයකල යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දැනුම් දී ඇත.
එසේම එම අය කරනු ලබන මුදල බිල්පතෙහි සඳහන් කළ යුතු බවද වැඩි දුරටත් සඳහන් වෙයි.
බාහාළුම් මලු යනු සිලිසිලි බෑග් වශයෙන් පොදුවේ හඳුන්වනු ලබන මිලදීගත් භාණ්ඩ රැගෙන යාමේ කාර්යය සඳහා භාවිතා කරන අතලු සහිත කුමන හෝ ප්රමාණයෙන් යුතු මලු යන්න බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කොට සිටියි.
ඉන්ද්රමූර්ති ජයසූරිය