නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ තුන්වන ජනන යන්ත්‍රය වාර්ෂීක නඩත්තුවක් සදහා දින 25 කට 13 දින රාත්‍රියෙ සිට ජනන කටයුතු නවතා දමන බව විදුලි බල මංඩල ඉහල නිළධාරීයකු කල විමසිමේදි පැවසිය.
ලක්විජය බලාගාරයෙ පලමු, දෙවන හා තුන්වන අධියර තුනක් ඇති අතර එයින් තුන්වන ජනන යන්ත්‍රය මෙලෙස ජනන කටයුතු නවතා වාර්ෂීකව සිදුකරන නඩත්තුව සිදු කිරීමට නියමිත බව කියයි.
නොරෝච්චෝල බලාගාරයෙන් ජාතික විදුල පද්ධතියට මෙගාවෝට් 900 කට ආසන්න විදුලි ධාරීතාවයක් ජාතික පද්ධතියට ලබා දෙන අතර තුන්වන අධියර නැවති යාමත් සමග එය මෙගාවොට් 600 කට ආසන්න සිමාවකට යටත් වන බව කියයි.
කෙසේ නමුත් තුන්වන ජනන යන්ත්‍රය දින 25 ක නඩත්තුවට නවතා දැමුවද රටේ විදුලි අවශ්‍යතාවයට කිසිදු ගැටළුවක් නොවන බව විදුලි බල මංඩල ඉහල නිළධාරීන් පවසයි.
විදුලි බව මංඩල ඉහල නිළධාරීන් පවසන්නේ ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර කාණ්ඩ කඩමින් නඩත්තු කලයුතු කාල සිමාවන් වලදි එය සිදුකරන බවත් මෙම නඩත්තුවද එවැනි වාර්ෂීකව සිදුකල යුතු නඩත්තුවක් බවයි.
ඒ අනුව මෙම නඩත්තුව සදහා දේශීය ඉංජීනේරුවන්ගෙන් සැදුම් ලත් විශේෂ කණ්ඩායමක් විසින් සිදුකිරිමට නියමිත බව කියයි.
සටහන ඡායාරූප/පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ

