අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තකට නොරොච්චෝල විදුලි බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රය ජුනි 03 දා සිට දින 100ක කාලයක් අක්‍රීය කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
මේ හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොකර ලංවිම සතු තාප බලාගාරවලින් අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කරන බවද අමාත්‍යවරයා පවසයි.