නොරොච්චොල බලාගාරයෙන් අක්රීය වූ ජනන යන්ත්රය ලබන 21 දා යළිත් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිත බව වාර්තා වෙයි. මේ වන විට එහි නඩත්තු කටයුතු අවසන් අදියරයට පැමිණ තිබේ.
නොරොච්චොල ජනන යන්ත්රය පසුගිය 03දා අක්රීය විය. එයින් ජාතික පද්ධතියට මොගාවොට් 270ක ප්රමාණයක් අහිමිවී ගිය අතර නැවතත් එය ක්රියාත්මක කිරීම පද්ධතියේ ශක්තිය වැඩි කිරිමක් වෙයි.
නොරොච්චොල බිඳ වැටීමත් සමගින් ජල විදුලිය මගින් විදුලි උත්පාදනය කිරීම වර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. එසේම මේ වන විට ජල විදුලි බලාගාර ආශ්රිතව වැසි තත්ත්වය යහපත් වීම හේතුවෙන් ජලාශ වල ජල මට්ටමද වර්ධනය වී තිබේ.
එසේම ඉන්ධන නොමැතිවිම හේතුවෙන් තාප බලාගාර බහුතරයක විදුලිය නිපදවීමේ කටයුතු ඇණ හිට තිබේ.