නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බිඳ වැටී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
එම තාක්ෂණික දෝෂය හඳුනා ගැනීම සඳහා තාක්ෂණික කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවත් නොරොච්චෝල දෙවැනි යන්ත්‍රය මේ වන විට අත්‍යාවශ්‍ය නඩත්තු කිරීමේ කටයුතු සිදුකරන බවද ඔහු පවසයි.
කෙසේ වෙතත් එහි තෙවැනි යන්ත්‍රය ක්‍රියාත්මක බවත් ඉන්ධන ඉල්ලුම කළමණාකරණය කිරීම වෙනුවෙන් වෙස්ට් කෝස්ට් හා අනෙකුත් ඉන්ධන බලාගාරයන් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පවසයි.