නොරොච්චෝලේ දෙවැනි යන්ත්රයත් අත්හිටුවයි
නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ තවත් යන්ත්රයක විදුලි උත්පාදන කටයුතු අද (08දා) අත්හිටුවා තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ,මෙම බලාගාරයේ දෙවැනි ඒකකය මෙලෙස ජාතික විදුලිබල පද්ධතියෙන් විසන්ධි කර තිබෙන බවයි.
එසේම අද අලුයම 2.17ට පමණ එම බලාගාරයේ දෙවැනි යන්ත්රයේඅධිපීඩන තාපකයේ තෙවැනි නළයේ ඇති වූ කාන්දුවක් නිසා මෙම යන්ත්රය අද උදෑසන 8.00 සිට නවතා දමා අදාළ පරීක්ෂණසිදුකිරීම ආරම්භ කර තිබේ.
මෙම බලාගාරය සතුව යන්ත්ර තුනක් පවතින අතර, මෙහි එක් යන්ත්රයක් පසුගිය ජුනි 27වැනිදාසිට නඩත්තු කටයුත්තක් සඳහා නවතා දමා ඇත. මේ අනුව ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දැනට ක්රියාත්මක වන්නේ එක් යන්ත්රයක් පමණි.
මෙගාවොට් 900ක ධාරිතාවකින් යුත් මෙම බලාගාරය තුළින් මේ වනවිට නිෂ්පාදනය කරනු ලබන්නේ, මේගාවොට් 300ක ප්රමණයක් වන අතර, ඉන් මෙගාවොට් 30ක් බලාගාරයේ කටයුතු සඳහා වැය වන බවද විදුලි සේවකයෝ පෙන්වා දෙති.
පවතින වියළි කාලගුණ තත්ත්වය නිසාජලය උපයෝගිකරගෙන විදුලිය නිෂ්පාදනයට බාධා සිදුවී තිබෙන අතර, මේ අනුව විදුලි නිෂ්පාදනයට අදාළව මෙම ගල් අඟුරු බලාගාරයේ ඉහළ දායකත්වයක් ලබාගත යුතුව තිබේ.
popular news
-
Dayan Wednesday, 09 August 2023 01:58 AM
This may be arranged incident in order to purchase power. Otherwise CEB knows there will be no rain for some time and keep the generators well looked after. There needs an efficient leader to CEB.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

