නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ 3 වැනි යන්ත්රය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දිනපතා සිදුකරන විදුලි කප්පාදුව ඉහළ දැමීමට සිදුවනු ඇති බව මහජන උපයෝගීතා කොමිෂම පවසයි.
ඒ අනුව විදුලි කප්පාදුවට අදාළ කාලසටහන ඉක්මනින් නිකුත් කිරිමට නියමිතය. නොරොච්චොල බලාගාරයේ දෙවැනි යන්ත්රයද මේ වන විට අලුත් වැඩියා කටයුතු හේතුවෙන් අක්රිය කර තිබේ.
මේ වන විට පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුවක් ක්රියාත්මක වෙයි.