නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රයේ බිඳ වැටීමක් සිදුව ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි. මෙම ජනන යන්ත්‍රය අප්‍රේල් මාසයේදී විශාල අලුත්වැඩියා හා නඩත්තු කටයුතු වෙනුවෙන් අක්‍රීය කිරීමට නියමිතව තිබුණ බවද අමාත්‍යවරයා පැවැසීය.
යන්ත්‍රය බිඳ වැටුණනද අඛණ්ඩ බල සැපයුමක් සහතික කිරීම සඳහා, ලංවිම සතු ඩීසල් සහ ඉන්ධන තෙල් බලාගාර භාවිතා කරනු ඇති බවත් බිඳවැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.