නොච්චියාගම නව තෙල්දෙණිය ප්රදේශයේ ලොකු ලූණු වගා කළ ගොවීන් මේ දිනවල අස්වැන්න නෙලීම ආරම්භ කර තිබේ. තම අස්වැන්න ඉතා සාර්ථක වුවද, නිසි මිලක් නොලැබීමෙන් ඔවුන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති.
අස්වැන්න සාර්ථක වුවද, වෙළඳපොළේ ආනයනික ලූණු අඩු මිලට විකිණීම නිසා අස්වැන්නට ගැලපෙන මිලක් ලබාගත නොහැකි බවත්. රජය ආනයනික ලූණු සඳහා බද්දක් පැනවුවත්, එය කාර්යක්ෂම වී නොමැති බව එම ගොවීහු පෙන්වා දුන්හ .
වගාවේ දෛනිකව සොයා බැලිය යුතු බිම් සැකසීම, ජලය ලබාදීම, රෝග හා කෘමි සතුන් පාලනය සඳහා දවසට පැය දොළහකටත් අධික කාලයක් වැය වන බවත් ලාභය කෙසේ වෙතත් මේ වනවිට තම දහඩිය මහන්සිය පවා උපයා ගැනීමට නොහැකිව ඇති බව ඔවුන් අවධාරණය කළහ.
ලූණු කිලෝ එකක් නිෂ්පාදනය කිරීමට රු.120 ක් වියදම් වන අතර, එය ආපසු ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. නිසි මිල නොලැබුණහොත්, ඉදිරි කන්නවල වගාවෙන් ඉවත්වීමට සිදුවන බවද ලූණු ගොවීහු සඳහන් කළහ.
ගොවීන් රජයෙන් ඉල්ලා සිටින්නේ – ආනයන නවතා දේශීය බී ලූණු අස්වැන්නට නිසි මිලක් ලබා දීම, ආනයනික ලූණු ගබඩා කර ඇති ස්ථාන වැටලීම, ආරක්ෂිත වෙළඳපොළක් ඇති කිරීම ලූණු වගාවේ මුල සිටම සිදු කරන්නේ නම් හැකි නම්, දේශීය ලොකු ලූනු ගොවියා නගා සිටුවිය හැකි බව ඔවුන් පෙන්වා දුන්හ.



