නේපාල ගංවතුරින් 750ක් මිය ගිහින්, 3044ක් අතුරුදන්
නේපාල හා ටිබෙට් දේශසීමාවේ ඇති වූ දරුණු හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් නේපාලයේ පුද්ගලයින් 734 දෙනෙකු මියගොස් ඇති බව නේපාල පොලිසිය සහ ආපදා කළමනාකරණ අධිකාරිය තහවුරු කරයි.අද උදෑසන නිකුත් කළ මෙම නවතම සංඛ්‍යාලේඛනය, ඊයේ වාර්තා වූ මරණ 675ක සංඛ්‍යාවට වඩා වැඩි වීමකි.
පුද්ගලයින් 2,498 දෙනෙකු අතුරුදහන්ව ඇති අතර 8,186 දෙනෙකු බේරාගෙන ඇති බව ද නේපාල පොලිසිය වාර්තා කරයි. ආරක්ෂක අංශවලට අයත් ආපදා සහන සේවකයින් 20,000කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා යොදවා ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි.
මේ අතර, නේපාල සංචාරක මණ්ඩලය සිය නවතම වාර්තාව මගින් සඳහන් කරන්නේ විදේශිකයන් 261 දෙනෙකු බේරාගෙන ඇති අතර තවත් සංචාරකයින් 320 දෙනෙකු පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවයි.
මෙම ගංවතුර තත්්වයත් සමග චීන ටිබෙට් ප්‍රදේශයේ සිදුවූ මඩ නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති බව චීන රාජ්‍ය විකාශක CCTV වාර්තා කරයි. මීට පෙර නිලධාරීන් ප්‍රකාශ කර තිබුණේ පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇති බවයි.
ටිබෙටයේ පුද්ගලයින් 546 දෙනෙකු අතුරුදහන්ව සිටින බවත්, ඒ අතර රටවල් 23ක විදේශිකයන් 261 දෙනෙකු සිටින බවත් CCTV වැඩිදුරටත් වාර්තා කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

