නේපාලයේ ප්‍රධාන ගංගාවක යළිත් හදිසි ගංවතුර තත්ත්වයක්
නේපාලයේ ප්‍රධාන ගංගාවක ඉරිචා ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් හේතුවෙන් නිවාස සහ පාලම් ගසාගෙන ගොස් ඇති අතර ජල විදුලි බලාගාරයකට ද හානි සිදුවී ඇති බව බලධාරීහු පවසති.
මධ්‍යම ගෝර්කා දිස්ත්‍රික්කයේ බුධි ගන්දාකි (ගංගා ඉවුරේ සිටි පුද්ගලයින් 50 දෙනෙකු පමණ බේරාගෙන ඇති බව හමුදාව තහවුරු කළේය. මෙතෙක් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති නමුත් පුද්ගලයින් පස් දෙනෙකු අතුරුදහන්ව සිටිති.
ගංවතුරට අදාළ වීඩියෝවකින් දැක්වෙන්නේ වේගයෙන් ගලා යන ජල කඳ නිම්නයක් ඔස්සේ පහළට ගලා විත් සම්පූර්ණ ගොඩනැගිලි සංකීර්ණයක්ම ගසාගෙන යන ආකාරයයි.
නේපාලය මේ වන විට ඉහළ අවධානයකින් පසුවන අතර, මීට මාස දෙකකට පෙර ටිබෙට් දේශසීමා නගරවලට බලපෑ විනාශකාරී ගංවතුර තත්ත්වයෙන් (එහිදී පුද්ගලයින් 1,400කට අධික සංඛ්‍යාවක් මියගොස් දහස් ගණනක් අතුරුදහන් විය) තවමත් යථා තත්ත්වයට පත්වීමට උත්සාහ කරමින් සිටී.
නේපාල දින දර්ශනයේ ප්‍රධාන අවස්ථාවක් වන 'දෂායින්' (Dashain) උත්සවයේ පළමු දිනය සැමරීමට දරුවන් සහ ප්‍රජාවන් සූදානම් වෙමින් සිටියදී ඉරිදා ඇති වූ මෙම ගංවතුර තත්ත්වය ගෝර්කා දිස්ත්‍රික්කය හරහා ගලා ගියේය.
පවුල්වලට තම නිවෙස් අතහැර යාමට සිදුවී ඇති අතර, බොහෝ දෙනෙකුට ආරක්ෂිත නවාතැන් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අවිනිශ්චිතතාවයකට මුහුණ දීමට සිදුව තිබේ.
ගංවතුර හේතුවෙන් නිවාස දොළහක් පමණ සහ එල්ලෙන පාලම් කිහිපයක් ගසාගෙන ගොස් ඇති අතර, ජල විදුලි ව්‍යාපෘතියකට හානි සිදුවී එහි ඉදිකිරීම් උපකරණ කිහිපයක් ද ජලයේ ගසාගෙන ගොස් ඇති බව ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය පැවසීය.
පැය කිහිපයක් ඇතුළත එක් ස්ථානයක ගංගාවේ ජල මට්ටම මීටර් 2 (අඩි 6 අඟල් 5) සිට මීටර් 8.5 (අඩි 27 අඟල් 9) දක්වා ඉහළ ගොස් ඇති බව නිලධාරීහු පැවසූහ.
නේපාල රජය සමඟ කටයුතු කරන කාලගුණ විද්‍යාඥ බිනෝද් පරාජුලි (Binod Parajuli) මෙසේ පැවසීය: "අපගේ ජල විද්‍යාත්මක මිනුම් මධ්‍යස්ථානය ගසාගෙන ගොස් ඇති අතර එම ස්ථානයෙන් අපට කිසිදු දත්තයක් නොලැබේ."
කෙසේ වෙතත්, අගෝස්තු මාසයේ ඇති වූ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වයට සාපේක්ෂව මෙම අවස්ථාවේදී ගලා ආ සුන්බුන් සහිත ජල ප්‍රවාහය ප්‍රමාණයෙන් කුඩා මෙන්ම ගලා යාමේ වේගය ද අඩු බව විශේෂඥයෝ පවසති.
මෙම නවතම ගංවතුර තත්ත්වයට හේතුව තවමත් පැහැදිලි නැත. නායයෑමක් හේතුවෙන් ගංගාව හෝ එහි අතු ගංගාවක් යම් කාලයක් අවහිර වී, එමගින් සිරවූ ජලය හදිසියේ පිටාර ගැලීම ඊට හේතු වන්නට ඇතැයි සමහරු පවසන අතර, ගංගාවේ ඉහළ ප්‍රදේශයේ සිටි ප්‍රදේශවාසීන් විසින් අයිස් කඳු කඩා වැටීමක් (ice-avalanche) දැක ඇති බව තවත් සමහරු පවසති.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

