දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලු අද සිට ජනතාවට විවෘත කිරීමට නියමිතය.
මේ අනව දෙස් විදෙස් ජනතාවට කුලුනට පිවිස එය නැරඹීමේ අවස්ථාව උදාවී තිබේ. නෙළුම් කුලුන නැරඹීම සඳහා නකට 1400ත් 2000 ත් අතර පිරිසකට ප්රවේශ පත්ර නිකුත් කරන බවත් ඔහු පැවසීය.
නෙලුම් කුලුණ නැරඹිම වෙනුවෙන් දේශීය පුද්ගලයන්ගෙන් අයකරන ප්රවේශ පත්ර ගාස්තු රුපියල් 500 ක් සහ රුපියල් 2,000 ක් වෙයි. පාසල් දරුවන් සඳහා ප්රවේශ පත්ර රුපියල් 200 කි.
එමෙන්ම විදේශිකයින් සඳහා ප්රවේශ පත්ර ගාස්තුව අමෙරිකානු ඩොලර් 20කි. සතියේ දිනවල පස්වරු 2. 00 සිට රාත්රි 10.00 දක්වාත් සෙනසුරාදා, ඉරිදා සහ නිවාඩු දිනවල දහවල් 12.00 සිට රාත්රී 10.00 දක්වාත් ජනතාවට නෙලුම් කුලුනු නැරඹීමේ අවස්ථාව උදාකර තිබේ.