නෙලුම් කුලුනට ගත් ණය පැහැර හැර නෑ
නෙලුම් කුලුන වෙනුවෙන් ලබාගත් ණය පැහැර හැරීමක් නොකර ගෙවා ඇති බවත් 2024දී පැමිණෙන ඩොලර් මිලියන 18ක ණය වාරිකය ගෙවා දැමීමෙන් පසුව ණය ගෙවා අවසන් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය.
අද (08දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“ නෙලුම් කුලුන තුළ මේ වන විට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා අපි රුපියල් මිලියන 218ක් උපයලා තිබෙනවා. ඒ වගේම බංජි ජම්පින් වෙනුවෙන් ඒ සමාගම අපිට ඩොලර් 20000ක් ගෙවලා තිබෙනවා.
ඔවුන් හැම වසරකමට මෙයට පුද්ගලයන් 10000ක් ගේන්න බලාපොරොත්තු වෙනවා. එක පැනීමක් වෙනුවෙන් ඩොලර් 500ක් අයකරනවා.
මෙහි තිබෙන කාමර වලින් සියයට 70ක් බදු දීමට අත්සන් කරන තත්ත්වයක තිබෙන්නේ. නෙලුම් කුලුණේ ණය අපි පැහැර හැර නෑ. ඩොලර් මිලියන 68ක් අපි අරගෙන තිබෙනවා.
ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 52ක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ගෙවා තිබෙනවා. 2024දී තව ඩොලර් මිලියන 18ක වාරිකයක් එනවා. එතකොට අපි ණය ගෙවා අවසන්”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
