පාරිභෝජනයට නුසුදුසු කරවල තොගයක් කුඹුරු යායක් මැද සෝදා වේලමින් ,අලවිය සඳහා සකස් කරමින් සිිිටියදී ,සැකකරුවෙකු ,කරවල කිලෝ 433 ක් සමග නිකවැරටිය බලගොල්ලාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්.බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
පුස් සහිත ,නරක් වූ.,පනුවන්.සහ දුර්ගන්ධය සහිත විවිධ වර්ග වලින් යුතු කරවල තොගය වාරි ඇලක සෝදමින් ,එහිදීම වියලමින්, ,උත්සව. සමයේ අලවිය සඳහා මෙලෙස සකස් කරමින් සිටි බවද , ලද තොරතුරකට අනුව වැටලීම සිදු කල බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි .
මෙම සැකකරු රැකියාව ලෙස කරවල තොග..නිකවැරටිය සහ අවට ප්‍රදේශ වල ව්‍යාපාරික ස්ථාන වලට බෙදාහැරීමේ ව්‍යාපාරයක නිරත වන අයෙකු බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවද ,මෙලෙස නරක් වූ කරවල තොග සෝදා වියලා නැවුම් කරවල ලෙස සකසා නත්තල් සමයේ අධික මිල ගනන් යටතේ අලවිය.සඳහා සූදානම් කර තිබූ බවට සැකකෙරෙන.බවද, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි .
සැකකරු නිකවැරටිය ඇඹලගොඩයාගම ප්‍රදේශයේ පදිංචි ,48 වියැති අයෙකු බවද , එම ප්‍රදේශයේ සිට කිලෝමීටර් හයක පමණ දුරකට මෙලෙස රැගෙන විත්., බලගොල්ලාගම කුඹුරු යාය මැද අතුරු ඇලක සෝදමින් සිටියදී ,වැටලීම සිදු කල බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නෙලුම් දිසානායක මහත්මියගේ උපදෙස් අනුව ,පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චන්දන ජයසුන්දර මහතාගේ අධීක්ෂණයෙන් ,මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් වන දර්ශන එරංග ,ඩබ් .එම්.පී.ජේ. වන්නිනායන ,තරිඳු බංඩාර ,ශනිල් ආරියවංශ යන නිලධාරීන් විසින් වැටලීම සිදු කෙරිණි .
සැකකාර ව්‍යාපාරිකයා සහ අදාල කරවල තොගය නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
නිකවැරටිය ප්‍රියාණි මංගලිකා
