මහනුවර මහ නගර සභාව සතු කඩ කාමර පැවරීමේ දීඅයකරන ගාස්තු මුදල් නගරසභා ගිණුමට බැර නොකර රුපියල් එක්කෝටි තිස් පන් ලක්ෂ අනු තුන් දහස් හත්සිය අනුවක (13593790.00) මුදලක් වංචා කළ බව කියන කළමනාකරණ සහයකවරියකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කොට තිබේ .
නගර සභාව සතු වෙළඳ වෙළද සංකීර්ණ 04 ක කඩ කාමර 18 ක බදු අයිතිය එක් බදුකරුවෙකුගෙන් තවත් බදුකරුවෙකුට පැවරීමේ දී බදුගාස්තු ලෙස අයකරගත් මුදල් එසේ වංචා කොට ඇති බව විගණන විමර්ශනයේදී අනාවරණය වී තිබේ .
මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ විගණන විමසුම පදනම් කරගනිමින් ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති බවයි .
එම කළමනාකරණ සහයකවරිය නගර සභාව සතු කඩ කාමර 31කින් කඩ කුලී අය කළ බවට ව්‍යාජ රිසිට්පත් පෙන්වා රුපියල් අසූ දෙලක්ෂ හැත්තෑ හත් දහස් අට සීයක මුදලක් (82,77800)වංචා කොට ඇති බවට මීට පෙරනැගුන චෝදනාවක් මත ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී ඇයගේසේවය මේ වන විට අත්හිටුවා ඇති බවටද අනාවරණය වී තිබේ .
ඒ අනුව දැනට අනාවරණය කරගෙන තිබෙන තොරතුරු වලට අනුව මෙම සේවිකාව පසුගිය වසර හතරක කාලය තුලදී වංචා කර තිබෙන මුළු මුදල රුපියල් දෙකෝටි දහ අට ලක්ෂ හැත්තෑ එක්දහස් පන්සිය අනුවකි .
නගර සභාව සතු මැණික් කුඹුර, බෝගම්බර, ජෝර්ජ් ඊ ද සිල්වා සහකැප්පිටිපොල යන වෙළඳ සංකීර්ණවල කඩ බදු දීමේදී මෙම මුදල් වංචාව සිදුවී ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර විගණන විමසුමේ පිටපත් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, පළාත් පාලන කොමසාරිස් සහ පළාත් පාලන සහකාර කොමසාරිස් (මහනුවර) වෙත යොමු කොට තිබේ.