මහනුවර ඓතිහාසික පෙරහර පැවති දින 15 තුළ දී මහනුවර නගරයෙන් කසල ටොන් 250ක් පමණ ගුහාගොඩ කසල අංගනයට බැහැර කිරීමට සිදු වූ බව මහනුවර මහ නගර සභාවේ කසළ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන ඉංජිනේරු නාමල් දිසානායක මහතා පවසයි .
මේ අතරින් පෙරහර නැරඹීමට පැමිණෙන පිරිස් රැගෙන පැමිණි ප්ලාස්ටික් බෝතල්, පොලිතීන්, ඉටිරෙදි, සෙල්ලම් භාණ්ඩ, කෑම පෙට්ටි වැනි ඝන අපද්‍රව්‍ය ටොන් 05 කට ආසන්න ප්‍රමාණයක් දෛනිකව එකතු වූ බවද ඒ මහතා පැවසීය .
පෙරහර නැරඹීමට පැමිණි ජනතාව රැගෙන ආ ඉතිරිවන ආහාර ද්‍රව්‍ය ටොන් 10ක්පමණද දෛනිකව එකතු වූ බව පැවසූ ඒ මහතා එම අපද්‍රව්‍ය ගොහාගොඩ කසළ අංගනයේ දී ප්‍රතිචක්‍රිකරණය කිරීම සඳහා වර්ගීකරණය කරමින් සිටින්නේ යැයි ද පැවසීය.