නුවරඑළිය නගරයේ ඉදිකිරීම් හා සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කල විශේෂ කැබිනට් පත්‍රයට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සැලසුම් කමිටුව ස්ථාපනය කිරීම අද (08) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදු කෙරිණ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියේ නිල සංචාරයකට එකතු වූ අවස්ථාවක පැවති සාකච්චාවකදී රාජ්‍ය නිලධාරීන් දැනුවත් කල කරුණක් වන නුවරඑළිය සංචාරක හා පාරිසරික නගරය අලංකාරය රැකගැනීම වෙනුවෙන් මහල් 4ට වැඩි උස් ගොඩනැගිලි ඉදිකිරීම නැවැත්වීමට හා දැනට පවතින උස් ගොඩනැගිලි නුවරඑළිය පරිසරයට ගැළපෙන පරිදි සකස් කිරීමේ යෝජනාවට අනුව විශේෂ කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කර ඇති බවත්, එම කැබිනට් පත්‍රිකාවට අනුකූලව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සැලසුම් කමිටුවක් ස්ථාපනය කිරීමට ලද උපදෙස් අනුව මෙම වැඩසටහන සිදු කල බව ආණ්ඩුකාරවරයා පැවසීය.
ඒ අනුව ප්‍රාදේශීය සම්බන්ධීකාරක කමිටුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතන වල ආයතන ප්‍රධානීන් දිස්ත්‍රික් ප්‍රධානී ප්‍රධානීන් සහ විශ්වවිද්‍යාල නියෝජනය කරන පළපුරුදු ඉන්ජිනේරුවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මෙම කමිටුව සඳහා තෝරා ගැනීමට තීරණය කෙරිණ.
කමිටුවෙ කැදවුම්කරු වශයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා නම් කෙරිණ.
මේ වන විට නුවරඑළිය නගරය තුළ තුළ අනවසර ඉදිකිරීම් රාශියක් අනුමැතියකින් තොරව සිදුවන බවත් ඒවා වහා නැවැත්වීමට කටයුතු කරන ලෙසත් නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් තාවකාලිකව ලබා දීමෙන් පසු එය අයිති කරගැනීමට දරන උත්සාහයන් වහා නැවැත්වීමට කටයුතු කරන ලෙසත් එහි පැමිණි නිලධාරීන්ට ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දෙන ලදී .
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ජීවන් ජීවන් තොන්ඩමන් , පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාන්ඩි රාමේෂ්වරන්, දිස්ත්‍රික් ලේකම් දිසාපති නන්දන ගලබොඩ මහතා , අතිරේක දිස්ත්‍රික් ලේකම් හා නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් සුජීවා බෝධිමාන්න මහත්මිය ඇතුළු සියලුම රාජ්‍ය ආයතන නියෝජනය කරමින් එහි ප්‍රධානීන් හා නුවරඑළිය දිසාව භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ හක්මන යන මහත්වරුන් සහභාගි වී සිටියහ.
