නුවරඑලිය මහ නගර සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් (18) දින පෙරවරු 8:30ටනුවරඑලිය මහ නගර සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.
එම මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ උපාලි වලියසේකර මහතා විවෘත ඡන්ද 14 කින් තේරී පත් වු අතර, එම සභාවේ උප නගරාධිපතිවරයා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සිවජෝති යෝගරාජා මහතා ඡනද් 14කින් තේරි පත්විය.
මෙම නගර සභාවට නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා නම් දෙකක් ඉදිරිපත් වූ අතර, ඒ සදහා රහස් ඡන්දයක් පැවිත්විය යුතු බවට සභිකයින් 11 දෙනෙකු යෝජනා කල අතර, විවෘත ඡනදයක් පවත්වන ලෙසට සභිකයින් 14 දෙනෙකු එකගතාවය පළ කල නිසා මධ්‍යම පළාත් පලාත් පාලන කොමසාරිස්වරිය බහුතර සභිකයින්ගේ එකගතාවය මත, විවෘත ඡනදයකින් නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සිදු කෙරිණ.
