නුවරඑළිය මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් නාගරික මන්ත්‍රීවරුන් වශයෙන් තේරී පත් වූ ස්වාධීන කණ්ඩායම් නායක ඒ.ආර්.අජිත් කුමාර මහතාගේ යෝජනාවකට අනුව ඔහුගේ සහ එම කණ්ඩායම නියෝජනය කරමින් තේරී පත්වූ තවත් නාගරික මන්ත්‍රීවරයෙකු වන පූජ්‍ය මාකඳුරේ රතනවංශ හිමියන්ගේ සහ සමගි ජන බලවේගය නගරික මන්ත්‍රී නුවන් පොරුතොට යන අයගේ මාසික වැටුප අඩු ආදායම්ලාභීන්ට හා ආබාධිත පුද්ගලයන්ට බෙදා දීම අද (10දා) මාගස්තොට ශ්‍රී සේනානන්දාරාමය විහාරස්ථානයේදී සිදු කෙරිණ .
සෑම මාසයකම පොහොය දින කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය මහ නගරසභාවේ මැතිවරණ කොට්ඨාස 12ම ආවරණය වන පණිත්තෙන් සෑම මසකම සිය මන්ත්‍රී වැටුප් වැඩිහිටියන් අඩු ආදායම්ලාභී පවුල් සහ ආබාධිත පුද්ගලයන් සිරෙන පවුල්වලට බෙදා දීමට නියමිත බව ස්වාධීන කණ්ඩායම් නායක ඒ.ආර්. අජිත් කුමාර මහතා පැවසීය.
ඔහු වැඩිදුර අදහස් දක්වමින් මෙසේද කීය,
“අපි මහජනතාවට සේවය කිරීම වෙනුවෙන් තමයි මහනගර සභාවට පත්වෙලා ආවේ. අපේ කණ්ඩායමේ සාමාජිකයන් ව්‍යාපාර හා රජයේ සේවාවෙන් ලබාගන්නා මුදල් අපිට ජීවත් වෙන්න හොඳටම ඇති.
මහජනතාවගේ බදු මුදල්වලින් තමයි අපි පඩියක් ගන්නේ. මාස් පතා නාගරික මන්ත්‍රීවරුන් විදිහට ඒ පඩිය අපි ගන්න එක වැරදියි. ඒක මහජනතාවටම බෙදා දෙන්න තීරණය කළේ ඒ නිසයි .
ඇතැම් පක්ෂවල වගේ කටින් කයිවාරු ගහලා අර මුදල්වලට මුදල් යොමුකරලා ඒකෙ පොලිය වැටුණට පස්සේ ඒ මුදල් ආයෙ අරන් බෙදාගන්න ක්‍රම අපි ළඟ නෑ.
එදත් අදත් හෙටත් අපේ අතේ තියෙන දේ මහජනතාවට වියදම් කරනවා හැරෙන්න මහජනතාවගෙන් රුපියලක්වත් අපිට එපා.”
මෙලෙස මන්ත්‍රී වැටුපෙන් ජීවනාදධාර දීමනා බෙදා දීමේ වැඩසටනෙන් දීමනා ලබා ගැනීම සඳහා 110ක පිරිසක් එක්ව සිටියහ.