නුවරඑළිය ගංවතුර ආපදාවන්ට ස්ථිර විසදුම් සෙවිමට කමිටුවක්
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැනින් තැන සිදුවන ජල ගැලීම් පිළිබඳව ස්ථිර විසදුම් සෙවිම සදහා ආදාල ආයතන නියෝජනය කරමින් විශේෂ කමිටුක් පත්කර සති දෙකක් ඇතුලත වාර්තාවක් ලබාගැනීම සිදු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසිය.
නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ ආපදා කළමනාකරණ කමිටුව (04) දින පස්වරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙදි පැවැති අවස්ථාවේදී දිස්ත්‍රික් ලේකම්වරිය මෙම අදහස් පැවසීය.
මෙම කමිටුව සදහා සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වු නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා එක්වෙමින් සදහන් කලේ මෙතෙක් කලක් සෑම වර්ෂාවකදීම ගංවතුර ඇතිවන ස්ථාන බහුතරයක් එකම ස්ථාන බවත් මෙම ගැටලුව ට ස්ථිර විසදුම් පිළිබඳව වාර්තාවක් සැකසීම අත්‍යවශ්‍ය බවත් පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වු දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරයා සදහාන් කලේ කාලගුණය අනාවැකි අනුව ඉදි දින කිහිපය පිළිබඳව දැඩි විමසිල්ලෙන් යුතුව සියලු දෙනා කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවය.නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතිවි ඇති ආපදා තත්වය කළමනාකරණ කිරීම සහ සහන සැළසීම සම්බන්ධව මෙහිදී දිර්ඝව සාකච්ඡා කර විසදු ලබාදිම සිදු විය.
මෙම අවස්තාවට සූම් තාක්ෂණය ඔස්සේ අධ්‍යනය හා උසස් අධ්‍යනය නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කලේයි චෙල්වි, අනුෂ්කා තිලකරත්න යන මහත්ම මහත්මින්, නාගරාධිපතිවරු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ආයතන ප්රාධානීන් සම්බන්ධ වුහ.
නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන දිනිකා කවිසේකර, ශාලිකා ලිදකුඹුර යන මහත්මින්, ආයතන ප්‍රධානින් ඇතුළු නිලධාරින් රැසක් එක්ව සිටිහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
