නුවරඑළියේ සංචාරක හෝටල් හා නවාතැන් වෙන්කරගෙන අවසන්
සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග නුවරඑලියේ සංචාරක හොටල්, නවාතැන් පහසුකම් ලබා දෙන බංගලා සහ නිවාස දේශීය සංචාරකයන් විශාල පිරිසක් මේ වන විට මාර්ගගත ක්‍රමය ඔස්සේ වෙන් කරගෙන ඇති බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිළධාරියෙකු පැවසීය.
සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග නුවරඑලියේ නාදගම සංගීත වැඩසටහන සදතැන්න, නුවරඑලිය තුරග තරග පිටිය, නගරසභා ක්‍රීඩාංගණය සහ අඹේවෙළ යන ස්ථාන වල පැවැත්වීමට කටයුතු කර ඇති බවයි එම නිළධාරියා කියා සිටියේ.
ඇතැම් සංචාරක පහසුකම් ලබා දෙන ස්ථානවල කාමරවල මිල ගණන්ද ඉහළ දමා ඇති බව නුවරඑලිය ප්‍රදේශවාසීන් කියා සිටියේ.
සති අන්ත දීර්ඝ නිවාඩුවට නුවරඑලියට පැමිණෙන දේශීය සංචාරකයන්ගේ ආරක්ෂාවට නුවරඑලිය පොලිස් කොට්ඨාශවලින් අමතර පොලිස් නිළධාරින් 100කට ආසන්න පිරිසක් නුවරඑලිය මූලස්ථාන පොලිසිය වෙත කැදවා ඇති බවත්, ඊට අමතරව දිවා රාත්‍රි දෙකේ රථවාහන රාජකාරි සදහා යතුරුපැදි කිහිපයක්ද යොදවන බවයි නුවරඑලිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

