බලය පිහිටුවීම සඳහා මෙවර පැවති පළාත් පාලන මැතිවරණයේ දී සියයට පනහ ඉක්ම වූ බහුතර බලයක් නොලැබුණු නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහා නගර සභාව ඇතුළු දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12ක් සඳහා පළමු රැස්වීම පැවැත්වෙන දිනයන් හා වේලාවන් පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනය මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කොට තිබේ.
මෙම පළාත් පාලන ආයතනවල නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති හා උප සභාපති යන තනතුරු තෝරා පත් කර ගැනීම සඳහා පළමු රැස්වීම් මෙසේ කැඳවා තිබේ.
ඒ අනුව කොටගල ප්‍රාදේශීය සභාව සඳහා ජුනි මස 17 දින පෙරවරු 10.30ට, ආගරපතන ප්‍රාදේශීය සභාව සඳහා එදින පස්වරු 2.30ට, නුවරඑළිය මහා නගර සභාව සඳහා ජුනි මස 18 දින පෙරවරු 8.30ට, නුවරඑළිය ප්‍රාදේශීය සභාව සඳහා එදින දහවල් 12.00ට සහ තලවකැලේ- ලිඳුල නගර සභාව සඳහා එදින පස්වරු 3.30ට දිනයන් හා වේලාවන් ලබාදී තිබේ.
කොත්මලේ ප්‍රාදේශීය සභාව සඳහා ජුනි මස 25 දින පස්වරු 2.00ට, අඹගමුව ප්‍රාදේශීය සභාව සඳහා ජුනි මස 26 දින පෙරවරු 10.00ට, හැටන්- දික්ඔය නගර සභාව උදෙසා එදින පස්වරු 3.00ට, නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව සඳහා ජුනි මස 27 දින පෙරවරු 9.00ට, මස්කෙලිය ප්‍රාදේශීය සභාව සඳහා එදින පස්වරු 2.30ට, වලපනේ ප්‍රාදේශීය සභාව සඳහා ජුනි මස 30 දින පෙරවරු 9.00ට සහ හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව උදෙසා එදින පස්වරු 3.00ට දින හා වේලාවන් ලබාදී තිබේ.
ඒ අනුව මෙම පළාත් පාලන ආයතනවල නගරාධිපති, උප නගරාධිපති, සභාපති සහ උප සභාපති යන තනතුරුවලට අදාල පත් කිරීම් ඉහත සඳහන් දිනවලදී මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.