මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල විටින් විට ඇද හැලෙන අධික වැසි තත්වයන් මත මෙම දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල පස් කදු කඩා වැටිමේ අවදානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි.
මේ පිලිබදව කරන ලද විමසිමකදි මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු එම මධ්‍යස්ථානයේ නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට මෙම දිස්ත්‍රික්කයට විටින් විට දැඩි වැසි තත්වයන් පවතින බවත්ය.
මෙම තත්වයන් මත මෙම දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල පස් කදු කඩා වැටිමේ අවදානමක් පවතින බවත් වීශේෂයෙන් පසු ගිය දිට්වා සුලි කුනාටුවෙන් කඩා වැටිම්වලට ලක්වු පස් කදුවල කොටස් නැවත කඩා වැටිමේ අවදානමක් පවතින බවත්ය.
මෙම පස් කදු කඩා වැටිමෙන් විවිධ අනතුරු ඇති විමේ අවදානමක් පවතිය හැකි බවත් මෙම තත්වයන් පිලිබදව දැඩි අවදානයක් යොමු කරවන ලෙස සියළුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
