නුවරඑළිය නගරය හා ඒ ආශ්රිත ප්‍රදේශ ගණනාවකට අද (12දා) අලුයම් කාලයේ මල් තුහින පතිත වු බව නුවරඑළිය නගර වැසියෝ පවසති.
නුවරඑළිය තුරඟ තරඟ පිටිය, ග්‍රෙගරි වැව උද්‍යානය, ගොල්ෆ් ක්‍රීඩාංගනය ආදී ස්ථානවලට දැඩි ලෙස මල් තුහින වැටී තිබු බවත්, ඊට අමරතව කඳපොල, මීපිලිමාන ආශ්‍රිතව මද වශයෙනුත් මල් තුහින මෙසේ පතිතව තිබු බව ඔවුහු සඳහන් කරති.
මේ දිනවල නුවරඑළියට පවතින දැඩි සීතල හේතුවෙන් නුවරඑළිය හා ඒ අවට ඇතැම් ප්‍රදේශව අලුයම් කාලයේදී මෙසේ මල් තුහින පතිතවීම් සිදු වෙමින් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ නිමල් බණ්ඩාර මහතා පැවැසීය.
මේ හේතුවෙන් නුවරඑළිය නගරයට පැමිණ සිටි දෙස් විදෙශ් සංචාරකයන්අලුයම් කාලයේ මල් තුහින පතිතව ඇති අයුරු දැක මහත් ආශ්වාදයක් ලබන බවද බණ්ඩාර මහතා කීය.
ශාන් හුලංනුගේ
