නුවරඑළියට පිවිසීමේ සියලු මාර්ග යථා තත්ත්වයට
“දිට්වා” සුලි කුණාටුවත් සමග නුවරඑලියට පිවසීමට තිබු මාර්ග 4ක් නාය ගොස් සහ පස් කදු කඩා වැටීමෙන් ගමනා ගමන කටයුතු ඇන හිට තිබූ බවත්, (10) දින වන විට නුවරඑලියට පිවිසීමට තිබෙන නුවරඑලිය මහනුවර මාර්ගය ඇතුලු මාර්ග 4ක් යථා තත්වයට පත් කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය.
නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි (10) දින පස්වරුවේ මාධ්‍යට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ, මාර්ග 4 යථා තත්වයට පත් කලද එම මාර්ගවල රථවාහන ධාවනයට ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේ නිර්දේශ වාර්ථාවක් ලබා දිමෙන් පසු බර වාහන ධාවනය සදහා එම මාර්ග විවෘත කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ පවුල් 19832කට අයත් සමාජිකයන් 63000කට ආසන්න ප්‍රමාණයක් අවතැන් වී ඇති අතර, ඉන් ආරක්ෂිත කදවුරු 212ක පවුල් 6700ක් සිටින බැවින් ඒ අය සදහා අව්‍යශ පිසූ ආහාර සහ වියලි සලාක ලබා දීමට පියවර ගෙන ඇති බවත්, කාලගුණ තත්වය පහව යැමෙන් පසු ඇතැම් අවතැන් වුවන් ඔවුන්ගේ නිවාස වලට ගොස් ඇති නිසා නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට රු.මිලියන 67ක ප්‍රතිපාදන ලබා දී ඇති බවත්, නිවාස සුද්ද පවිත්‍ර කර ගැනීම සදහා ලබා දෙන රු.25000ක මුදල අවතැන් වුවන් සදහා ගෙවිම ඉදිරි දින කිහිපය තුලදී සිදු කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරයි කියා සිටියේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

