නුවරඑලිය රෝහලේ ඖෂධ තොගයක් නගර සභා කසල අංගනයේ
සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ කල්ඉකුත් වු රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා ඖෂධ තොගයක් විනාශ කිරිම සදහා තලවකැලේ ලිදුල නගර සභාව වෙත භාර දි ඇති බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති චන්දන ප්‍රදිප් ගුණතිලක මහතා පැවසිය.
මිට මාස දෙකකට පමණ ප්‍රථම එම රෝහලේ දිස්ත්‍රික් ලය චිකිත්සාගාරයේ ස්ථානභාර වෛද්‍ය නිලධාරි විසින් ලිඛිතව ලය රෝගි අංශයේ අපද්‍රව්‍ය සහ කල් ඉකුත් වු ඖෂධ තොගයක් නගර සභාව යටතේ පාලනය වන තලවකැලේ හොලිරුඩ් ප්‍රදේශයේ පිහිටි කසල අංගණයේ කසල දාහකය වෙත නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වෙත රැගෙනවිත් භාර දි ඇති බවයි සභාපතිවරයා කියා සිටියේ.
2022.09.16 දින නගර සභාව වෙත ලිඛිතව ඉල්ලිමක් කරමින් රෝහලේ දිස්ත්‍රික් ලය චිකිත්සාගාරයේ ස්ථානභාර වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් එම ලිපියෙන් ඒ සදහා නගර සභාව වෙත යම් මුදලක් ගෙවිමට ඇත්නම් එම මුදල නගර සභාව වෙත ගෙවිමට එකග වන බව එම ලිපියේ සදහන් කර ඇති බවයි තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා පැවසීය
සෙනසුරාදා දිනයක එම ඖෂධ තොගය විනාශ කිරිමට භාර දි ඇති බවත්, භුමිතෙල් නොමැතිකම සහ ඉන්ධන මිල ඉහල යාම හමුවේ එම ඖෂධ තොගය සහ අපද්‍රව්‍ය තොගය විනාශ කිරිමට නොහැකි වු නිසා අපද්‍රව්‍ය සහ ඖෂධ තොගය තම නගර සභාවේ කැලි කසල අංගණයේ ගොඩ ගසා ඇති බවයි සභාපතිවරයා කියා සිටියේ.
එම ඖෂධ අතර ප්‍රතිජිවක ඖෂධ , කුඩා ළමුන්ගේ රෝග සදහා නිකුත් කරනු ලබන ඖෂධ වර්ග රැසක් එම ඖෂධ තොගය අතර තිබෙන බව වෛද්‍යවරයෙකු පැවසිය.
Amoxicillin, Co amoxiclave ඇතුළු ඖෂධ වර්ග රැසක් තිබෙන බව වෛද්‍යවරයා පැවසිය.
කල් ඉකුත් වු ඖෂධ රැසක් විනාශ කිරිමට තලවකැලේ ලිදුල නගර සභාව වෙත භාර දිම සම්බන්ධයෙන් අප නුවරඑලිය මහ රෝහලේ අධ්‍යක්ෂක මහෙන්ද්‍ර සෙනවිරත්න මහතාගෙන් කල විමසුකට ඔහු කියා සිටියේ තම රෝහලේ අපද්‍රව්‍ය රැසක් විනාශ කිරිමට නගර සභාව වෙත භාරදුන් බවත්, කිසිදු අවස්තාව කල් ඉකුත් වු ඖෂධ වර්ග විනාශ කිරිමට නගර සභාව වෙත භාර නොදුන් බවයි.



popular news
-
Kumar Thursday, 03 November 2022 01:55 AM
What a waste. How about creating a common database which shows what is available at various hospitals and create an exchange. I thought the doctors are resourceful. I suppose most can't operate outside the box.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
