රාජ්‍ය අංශය , පෞද්ගලික අංශය සහ බහුජන සංවිධාන විසින් රජයට එරෙහිව අද (06දා) දියත් කර ඇති හර්තාල් ව්‍යාපාරයට සමගාමිව නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම නගර වසා දමා හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දැක්විමට නගර වල වෙලද සංගම් පියවර ගෙන ඇත.
නුවරඑලිය නගරයේ සියළුම වෙලදසැල් වල කළු කොඩි ඔසවා තිබු අතර , පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වි තිබුණි.
ලංගම බස් රථ ධාවනයට එක් කර තිබුණද එම බස් රථවලින් ගමන් කිරිමට එතරම් මගින් සංඛ්‍යාවක් නොසිටියහ.
මේ අතර හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දක්වා හැටන් ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් හැටන් නගර මධ්‍යට පැමිණි උද්ඝෝෂණයක් ආරම්භ කර පසුව ඔහුන් පාගමනින් කොටගල නගරය දක්වා පාගමනකින් ගමන් කලහ.




