නුවරඑලියට විශාල පිරිසක් සති අන්තයේදී
සති අන්ත දිර්ඝ නිවාඩුවට නුවරඑලියට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටි බව නුවරඑලිය සංචාරක නිකේතන හිමියන් පැවසිය.
ඉකුත් (11) දින සිට ඊයේ (14දා) දින දක්වා සංචරකයන් පැමිණි බවත්, දිගු කාලයක් සංචාරකයන් නොපැමිණිම නිසා වසා දමා තිබු සංචාරක නිකේතන සහ සංචාරක හෝටල් වල කාමරවලට විශාල ඉල්ලුමක් තිබු බවයි සංචාරක නිකේතන හිමියන් කියා සිටියේ.
පසුගිය කාලයේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නුවරඑලියට කාලයක් තිස්සේ දෙස් විදෙස් සංචාරකයන් නුවරඑලියේ සංචාරය සදහා නොපැමිණි අතර, එම වසංගත තත්ත්වය පහව යාමත් සමග ඉන්ධන ලබාගැනිමට පැවති බාධාවන් හේතුවෙන් නුවරඑලිය සංචාරක කර්මාන්තය සම්පුර්ණයෙන්ම කඩා වැටි තිබුණි.
සති අන්ත දිර්ඝ නිවාඩුවට නුවරඑලියට පැමිණි දේශිය සංචාරකයන් වික්ටොරියා උද්‍යානය , ග්‍රේගරි වැව පාරිසරික උද්‍යානය , කන්දේ ඇල , හෝර්ටන් තැන්න යන ස්ථාන වල සංචාරය කර ඇත.
එම සංචාරකයන්ට සංචාරය කිරිම සදහා සුදුසු කාලගුණ තත්ත්වයක් මේ දිනවල නුවරඑලියේ පවති.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

