නුගේගොඩ රැළියට රනිල් නෑ, උදෙන්ම ඉන්දියාවට ගිහින්
- 21 11 2025
- 10:21
- {{hitsCtrl.values.hits}} views
- ..
හිටපු ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා 11/21 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය නිලධාරීවරයා ද සනාථ කළේය .
ඔහු සමග මෙම ගුවන් ගමන සදහා ඔහුගේ බිරිඳ මෛත්රී වික්රමසිංහ මහත්මිය ද එක්ව සිටින්නීය . මෙම ගුවන් ගමන සදහා ඔවුන් 11/21 දින අලුයම් කාළයේම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය .
ඔවුන් 11/21 දින උදෑසන 08.40 ට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියහ. එසේම 11/21 දින රජයට විරෝධතාවය පළ කිරීම සදහා කොළඹ නුගේගොඩ දී රැළියක් පැවැත්වීමට නියමිතය. මෙම රැළියට එක්සත් ජාතික පක්ෂය එක්වන බව ප්රකාශ කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
