නුගේගොඩ පොලිස් කොට්ඨාස බලප්‍රදේශයේ පැය දහයක් තුළ හෝමාගම සහ කොට්ටාව ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
වෙඩි තැබීමේ සිද්ධිය වලින් මිය ගොස් ඇත්තේ හෝමාගම නනියදගල පන්නිපිටිය ලිපිනයේ පදිංචි මහරගේ චමිල සංජීව පෙරේරා නොහොත් චමිල කොටා යන 46 හා මත්තේගොඩ නාමල් උයන පදිංචිව සිටි රසායනාගාර සේවකයකු වූ පි ආර් මිහිරාන් ගිම්හාන පත්මසිරි 33 යන අයවලුන්ය.
හෝමාගම වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා තවත් කීපදෙනකු සමඟ නිවස ඉදිරිපිට රැඳී සිට දුරකථන ඇමතුමක් ගනිමින් සිටියදී මෝටර් රථයකින් පැමිණ වෙඩි ප්‍රහාර එල්ල කර තිබූ බව පොලිසිය කියයි.
වෙඩි තැබීම සඳහා ටී 56 ගිනි අවියක් භාවිතා කර තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම ඝාතනය පුද්ගලික කෝන්තරයක් හේතුවෙන් සිදු වී ඇති බව මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
කොට්ටාව වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා කොළඹ ලංකා රෝහලේ සෞඛ්‍ය ප්රවර්ධක නිලධාරීයෙක් ලෙස සේවය කර ඇති අතර ඔහු රුධිර පරීක්ෂණාගාරයේ දෛනික රාජකාරී ආරම්භ කිරීම සඳහා රසායනාගාරය වෙත පැමිණ සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත
වෙඩි තැබීමට පැමිනි පුද්ගලයන් යතුරු පැදිය යතුරුපැදිය අසල නවතා පා ගමනින් පැමිණ ඇති අතර පිස්තෝල ගිනියක් මගින් හිසට සහ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාර නවයක් එල්ල කර තිබූ බව පොලිසිය කියයි.
වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාට රුපියල් ලක්ෂ දෙකක් ඊශි කෑශ් දමන ලෙස කිසියම් පුද්ගලයකු දුරකථන ඇමතුමක් ලබාදී තිබු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
එම දුරකථන ඇමතුම හා සැසඳීමේ දී මියගිය පුද්ගලයා මත්කුඩු ජාවාරම හා සම්බන්ධව සිටියා ද යන්න සැකයක් පවතින බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.
ඝාතන දෙකේ සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. කොට්ටාව හා හෝමාගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.