නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට මෙවර වැටුප් ලබා දීමේදී ඇතැම් පිරිස්වලට වැටුප අඩු වීමත් තවත් පිරිසකට කිසිදු වැටුපක් නොලැබීමත් හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ බව අනාවරණය වී ඇත්තේ අද (25) දින එම නිලධාරීන් සඳහා වූ වැටුප් බැංකු ගත කිරීමෙන් අනතුරුව සිදුකරන ලද පරීක්ෂාවකින් අනතුරුවය. වැටුප් ලද පිරිසෙන් බොහෝ පිරිසකට ලැබී ඇත්තේ 2021 ජනවාරි මස දී ඔවුන් ලබාගත් වැටුප බවත් පෙබරවාරි මස සිට මේ දක්වා නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ රාජකාරි සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ට කිසිදු වැටුපක් බැංකු ගත වී නැති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
නුගේගොඩ පොලිස් අධිකාරී බල ප්‍රදේශයට අයත් මිරිහාන, මහරගම, කඩුවෙල, හෝමාගම, හංවැල්ල, මීගොඩ, වැල්ලම්පිටිය, අතුරුගිරිය, මාලඹේ , බොරලැස්ගමුව, නවගමුව, තලන්ගම, මුල්ලේරියාව, මාලබේ, කොට්ටාව, වැලිකඩ,හා පාදුක්ක යන පොලිස් ස්ථාන 17 ක නිලධාරීන් දහස් ගණනක් මෙන්ම විශේෂ අංශවල සේවය කරන නිලධාරීන් ද මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්වී ඇත.
මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතාගෙන් විමසීමේදී මේ පිළිබදව සොයා බලා පිළිතුරක් ලබා දෙන බව පැවසුවද ,අවස්ථා කීපයකදීම දුරකථනයට සම්බන්ධ වීමට උත්සාහ කළත් නොහැකි විය.