නීතී විරෝධී මත්පැන් බෝතල් දෙසිය හැත්තෑවක් සමග රත්මලානේ “සුදු නෝනා” දුම්රියපොළ අසලදී ඊයේ (14දා) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ගල්කිස්ස කොට්ඨාශ අපරාධ අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බවත්, ඇය රත්මලාන,මොරටුව,අඟුලාන යන ප්රදේශයන් වෙත හොර මත්පැන් බෙදා හරින්නියක් බව ද පොලිසිය සඳහන් කළේය.
රත්මලාන දුම්රියපොළ පාරේ පදිංචිකාරියක වන සැකකාරිය වයස අවුරුදු තිස් හයක් බව පොලිසිය කියයි.
මෙම සැකකාරිය මීට පෙරද අවස්ථා ගණනාවකදී හොර මත්පැන් අලෙවිය සඳහා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස කොට්ඨාස පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතා මහතාගේ අධීක්ෂණයෙන් ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරති.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා