හෝමාගම පිටිපන අති සුඛෝපභෝගී නිවසක සිවිලිමක් තුළ නීති විරෝධී මත්පැන් ජාවාරම සිදුකළ පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ (31දා) රාත්රියේ අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් වූවන් අතර නිවෙස හිමි පෙදරේරුවෙක් සහ තවත් පුද්ගලයෙක් වන බව පොලිසිය කියයි.
එම නිවසේ සිවිලිමේ සඟවා බැරල් හයක බහා තිබූ ගෝඩා මිලිලීටර් 12000ක් ,ගෑස් ලිපක්, ගෑස් සිලින්ඩරයක්,දඟරයක් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
ස්වයංක්රීය ගේට්ටු යොදාගෙන,ආරක්ෂිත කැමරා ද සවිකර ඉතා රහසිගත ලෙස පිටිපන ප්රදේශයේ නිවසක මත්පැන් පෙරා කහතුඩුව මොරගහහේන ආදී ප්රදේශවලට බෙදා හරින ජාවාරමක් සිදු වන බවට පොලීසියට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි
තාප්පයෙන් පැන නිවසට ඇතුළු වී නිවස සෝදිසි කලත් සැකකටයුතු කිසිදු දෙයක් සොයා ගැනීමට නොහැකි වුවත් ගෝඩා ගඳ වහනය වීම හේතුවෙන් නිවසේ සෑම අස්සක් මුල්ලක් නෑර දැඩි පරීක්ෂාවට ලක් කිරීමේදී සිවිලිමේ සඟවා තිබූ ගෝඩා සහ අනෙකුත් උපකරණ සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
ඒ අනුව සිවිලිම කඩා සිදු කළ පරික්ෂාවේදී සොයාගත් බැරල්වල තිබූ ගෝඩා තොගය එම ස්ථානයේදීම විනාශ කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත.
අනෙකුත් උපකරණ සියල්ලම සහ සැකකරුවන් දෙදෙනා අද හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

