පානදුර, මාදුපිටිය ප්‍රදේශයේ රුපියල් 20,000 ක කුලී මුදලකට ලබාගත් දෙමහල් නිවසක ඉහළ මාලයේ ලී කුඩු ව්‍යාපාරයක් කරන මුවාවෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් අද (02දා) වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් වටලා තිබේ.
අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරක් මත බැරල් 18 ක බහා තිබූ ගෝඩා මිලිලීටර් තිස් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් , ගෑස් ලිප් 2 ක්, සිලින්ඩර 5 ක්, දගර 2 ක් මෙහිදී සොයාගත් බව පොලිසිය පවසයි .
ඉහළ මාලයේ නාන කාමරයෙන් සහ මුළුතැන් ගෙයින් නළ ජල සැපයුම ලබාගෙන ජාවාරම කරගෙන ගොස් ඇතැයිද පොලිසිය සදහන් කරයි .
නීති විරෝධී මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගිය පානදුර, මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර , පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
පානදුර සුමිත් පොතුපිටිය



