තලවතුගොඩ වික්රමසිංහපුර නිවාස සංකීර්ණයේ දෙමහල් නිවසක් තුළ නීති විරෝධී මත්පැන් පෙරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුට ගත් බව ශ්රී ජයවර්ධනපුර සුරාබදු ඒකකය පවසයි.
එම සැකකරු සමඟ නීති විරෝධී මත්පැන් මිලිලීටර් 23350 ක් , කිරීමට සූදානම් කර තිබූ ගෝඩා ලිටර් ලක්ෂ දෙකක් ,ගෑස් ලිපක් තඹ දඟරයක් සිලින්ඩරයක් සුරාබදු නිලධාරීන් භාරයට ගෙන ඇත.
තලංගම අකුරේගොඩ ප්රදේශයේ දී නීති විරෝධී මත්පැන් ස්ප්රීතු මිලිලීටර් 4500 ක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් සිදු කළ ප්රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි
වික්රමසිංහපුර දෙමහල් නිවසේ මත්පැන් පෙරණ පුද්ගලයා ත්රීරෝද රථ රියදුරෙකු වන අතර පෙරන ලද මත්පැන් කුලී ගමන් යන මුවාවෙන් තලංගම ඇතුළු අවට ප්රදේශ වලට බෙදා හැර ඇතැයි සැකකරුගෙන් සිදුකරන ලද ප්රශ්න කිරීමේදී අනාවරණ වූ බව සුරාබදු නිලධාරී පැවසීය
දෙමහල් නිවසක උඩුමහලේ නාන කාමරේට යාබද පිහිටා තිබෙන කාමරය මෙම නීති විරෝධී මත්පැන් පෙරීම සඳහා ම සකස් කර තිබූ බවත් සුරාබදු කාර්යාලය කියයි.
වයස අවුරුදු හතළිස් නවයක් වන සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.