යාපනය කයිට්ස් අල්ලපිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසයකදී නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1828 ක්, එනසාල් සහ කෘෂි රසායන බෝතල් තොගයක් සමඟ සැකකරුවෙක් අද (30දා) අලුයම අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානය මගින් අල්ලපිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදීසැකකටයුතු යාත්‍රාවක් නවතා සිදුකරන ලද සෝදිසියකදී එහි තුල සඟවා තිබූ වියලි කහ උර 36 ක තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 1828 ක්, එනසාල් පැකට් 137 ක් තිබූ එනසාල් කිලෝග්‍රෑම් 137 ක් සහ කෘෂි රසායන මිලි ලීටර 500 සහ මිලි ලීටර 250 ප්‍රමාණයේ බෝතල් 134 ක් තිබී සොයාගත් අතර යාත්‍රාව සමගින් සැකකරුද අත්අඩංගුවට ගනු ලැබීය.
අදාල වියලි කහ , එනසාල් සහ කෘෂිරෂායනික ද්‍රව්‍ය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් යාපනය රැගෙන එමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවටද නාවික හමුදාව පවසයි.
සැකකරු වයස අවුරුදු 20ක් වන කයිට්ස් දූපතේ වෙන්පුරවිනගර් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, වියලි කහ, එන්සාල්, කෘෂි රසායන සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.
