නීති විභාගයෙ ගැටලුව කඩිනමින් විසඳනවා
ස්ව භාෂාවෙන් (සිංහල/ දෙමළ) විභාග සදහා පෙනී සිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ට දැනට මතුවී ඇති ගැටළුව විසදීම සදහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැද පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යතුමා අටමස්ථානාධිපති අති පුජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ, රජරට විශ්ව විද්‍යාලයේ කුලපති රුවන්වැලී සෑ චෛත්‍යරාමාධිකාරී අති පුජ්‍ය ඊතලවැටුණුවැවේ ඤණතිලක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර, ස්ව භාෂාවෙන් (සිංහල/ දෙමළ) විභාග සදහා පෙනී සිටීම සම්බන්ධයෙන් නීති විද්‍යාලයේ සිසුන්ට පවතින ගැටළු පිළිබදව එහිදී උන් වහන්සේලා විසින් අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන ලදී.
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ දියුණුව අභිවෘද්ධිය වෙනුවෙන් තමන් කටයුතු කරන බවත්, විශේෂයෙන් නිති විද්‍යාලයේ සිසුන්ට ස්ව භාෂාවෙන් (සිංහල/ දෙමළ) විභාග සදහා පෙනී සිටීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුව කඩිනමින් විසදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, මෙහිදී සදහන් කළේය.
popular news
-
Deepal Nirosh Tuesday, 14 March 2023 11:05 AM
දැන් එතකොට කෝ අර විධායක ජනාධිපති බලතල අඩු කිරීමට ගෙනෙනවයි කියපු පනත? අමතක වුණා ද? අහක දැම්මා ද? පිච්චුවා ද? නැත්නම් දැන් විධායක ජනාධිපති බලතල ගැන ගැටළුවක් නැද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

