නීතිවිරෝධී ලෙස ඉන්ධන රැස් කළ දෙන්නෙක් අල්ලයි
- 20 03 2026
- 11:20
- {{hitsCtrl.values.hits}} views
- ..
නීත්‍යානූකූල බලපත්‍රයක් නොමැතිව ඩීසල් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට - කටුනායක පොලිස් ස්ථානය.
2026.03.19 දින රාත්‍රී කාලයේ කටුනායක පොලිස් වසමේ හීනටියන ප්‍රදේශයේදී කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ඩීසල් ලීටර් 410 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 40 ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.කටුනායක පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
නීත්‍යානූකූල බලපත්‍රයක් නොමැතිව ඩීසල් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට - හලාවත පොලිස් ස්ථානය.
2026.03.19 දින සවස් කාලයේ හලාවත පොලිස් වසමේ මුදලියාවෙල ප්‍රදේශයේදී හලාවත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ඩීසල් ලීටර් 55 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 73 ක් වන ඉලප්පදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.හලාවත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

