මීගහකිවුල කරමැටිය වැව්පිටිය ගම්මානයේ අයියා මලෝ දෙදෙනෙකු එක්ව කලක් තිස්සේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එහි තිබූ කසිප්පු මිලි ලීටර් 45000 ක් ඇතුළු භාණ්ඩ තොගයක් අද (27දා) දහවල් අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරමැටිය වැව්පිටිය ලිහිණීයාමණ්ඩිය පදිංචි අවුරුදු 29 හා 31 ක් වයසැති තරුණයින් දෙදෙනෙකි .
මොවුන් දෙදෙනා විසින් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කර ප්රදේශය තුල හා පිටත ප්රදේශ වල අලෙවි කරන බවට කන්දකැටිය පොලිස් බුද්ධි විශේෂ කාර්යාංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත අද (27දා) සිදු කළ හදිසි වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් සහ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.
අත්අඩංගුවට ගත් නීතිවිරෝධී මත්පැන් තොගය එම ස්ථානයේදීම විනාශ කෙරිණි.
සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැරීමට නියමිත අතර ඔවුන්ට එරෙහිව බදුල්ල අධිකරණයේ නඩු පවරන බවද පොලිසිය පවසයි. කන්දකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
එන් කේ නිශ්ශංක මීගහකිවුල