පිටකොටුව හා මාලිගාවත්ත පොලිස් වසම් වල දී වෙළෙඳසල් හතරක් වටලා මුදල් විශුද්ධි කරණය කිරීමේ වරදට සහ ඊට අනුබල දුන් පුද්ගලයන් සිව් දෙනෙකු ශ්රී ලංකාවේ වලංගු මුදල් රුපියල් එක්කෝටි අසූ හය ලක්ෂ අනුපන් දහසක මුදලක් හා රුපියල් ලක්ෂ හතරකට අධික වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගත් මුදල් තොගය අතර ශ්රි ලංකා වලංගු මුදලින් රුපියල් එක්කෝටි අසූ හය ලක්ෂ 95000 ක් සහ විදෙස් මුදල් රුපියල් 432,502 ක් වේ.
ජංගම දුරකථන 04 ක් හා ගණුදෙනු සටහන්කල ලේඛණ 02 ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවත්ත අලුත්කඩේ කොළඹ 10 සහ කොළඹ 15 පදිංචිකරුවන් වන අතර කවුරුද 25 - 51 අතර පසුවන්නන් ය.
සැකකරුවන් සිව්දෙනා වැඩිදුර විමර්ශන සඳහා පොලිස් නීති විරෝධී වත්කම් හා විමර්ශන කොට්ඨාසය වෙත භාරදී තිබේ.
