ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කළුඅග්ගල, ලබුගම පාරේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා ඒජන්සි ආයතනයක් වටලා ඔවුන් සන්තකයේ තිබී දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගේ ගමන් බලපත්‍ර 301ක් හා විදේශ රැකියා සඳහා යාමට අවශ්‍ය වන තවත් ලේඛන රැසක් විමර්ශන නිළධාරින් භාරයට ගෙන තිබේ.
එහිදී මෙම නීතිවිරෝධි විදේශ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගිය මවක හා දියණියක විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප 3ක් මත මුදාහරින ලද අතර නඩුව 2022.07.01 දින යළි කැඳවීමට නියමිතයි.
අදාල සැකකාරියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර කොස්ගම පොලිස් ස්ථානයේ රඳවා සිටියදී ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙකු විසින් පුද්ගලයින් දස දෙනෙකු වෙත රු.35000 බැගින් මුදල් බෙදා දෙන ලදී. ඔවුන් තවත් අයගෙන් මෙසේ මුදල් ලබාගෙන ඇත්දැයි සොයා බැලීම සඳහාඉදිරි විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.
ශ්‍රි ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට පිළියම් ලෙස විශාල පිරිසක් රැකියා සඳහා විදේශ ගතවීමේ ප්‍රවණතාවයක් මේ දිනවල ඇති වී තිබෙන අතර, ඒ හා සමගම වංචනික අයුරින් විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකරන පිරිසද ඉහළ ගොස් තිබේ. විදේශ රැකියා සම්බන්ධ තොරතුරු කාර්යාංශයේ www.slbfe.lkවෙබ් අඩවිය මගින් ලබා ගත හැකිය. එබැවින් මෙවැනි වංචනික පිරිස් වලට හසු නොවන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටි.
