මෙවර යල කන්නයේ දී මේ වන විට වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 120 බැගින් මෙට්‍රික් ටොන් 40,000ක් රජය මිලදීගෙන අවසන් කර ඇත. තවද රජය විසින් වී මෙට්‍රික් ටොන් 1,20,000ක් මිලදී ගැනීමට කටයුතු කරන අතර, ඒ සඳහා අවශ්‍ය මුදල් ද වෙන් කර තිබේ. එහෙත් ඉදිරියේදී වෙළඳපොලේ සහල් හිඟයක් ඇති කරමින් සිදු කරන ජාවාරම් ක්‍රියාත්මක වුවහොත්, ඒ පිළිබඳව අවශ්‍ය තීරණ ගනු ලබන බව වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
ඒ අනුව අනුරාධපුර නගරයේ මාර්ග සංවර්ධනය ආරම්භ කරමින් අනුරාධපුර නගර සභා බලප්‍රදේශයේ පවිත්‍රපුර මීටර් 800කින් පමණ යුතු මාර්ගය රුපියල් මිලියන 33ක වියදමින් සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබෙන පැමිණිලි අනුව රජය නීතිය ක්‍රියාත්මක කරනවා මිසක් කිසිවිටෙක දේශපාලන පළිගැනීම් සිදු නොකරන බවත් විදුලි බල මණ්ඩලය කිසිවිටෙක පෞද්ගලීකරණය හෝ විකිණීමට කටයුතු නොකරන බවත් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා පවසයි.
දිස්ත්‍රික් හා පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ රුපියල් මිලියන 4000කට ආසන්න වියදමකින් මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීම හා නවීකරණය කිරීමට කටයුතු කරන බව වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
කෘෂිකර්මාන්ත ක්ෂේත්රය, සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර ඇතුළු රටේ සංවර්ධනය සඳහා මෙම වසර තුළදී ආණ්ඩුව විසින් රුපියල් මිලියන 1400ක මුදලක් වෙන්කර ඇති බවත් නාස්තියකින් තොරව සංවර්ධන කටයුතු සිදු කිරීමට ජනතා සහභාගිත්වයද එක්කර ගන්නා බවද අමාත්‍යවරයා කීය.
ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන පැමිණිලි අනුව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන අතර ඒ සඳහා කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොවන බවත් පසුගිය කාලයේ නීතිය නැමීම වෙනුවට නීතිය ක්‍රියාත්මක කරන ආයතන සිය වගකීම ඉටු කිරීම පමණක් බව වර්තමානයේ සිදුවන බවද අමාත්‍යවරයා පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන ශානි ඔබේසේකර මහතාටද දේශපාලන පළිගැනීම් නොමැති බව මෙහිදී අමාත්‍යවරයා පැවසීය.
පසුගිය ආණ්ඩු විසින් විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ සියලු ක්‍රියාවලියන්ට නීති ක්‍රියාත්මක කරමින් විදුලි බල පනත සම්මත කර තිබූ බවත් වර්තමාන රජය විසින් එය සංශෝධනය කරමින් සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කර විදුලි බල මණ්ඩලය රාජ්‍ය සමාගම් හයකට යටත් කොට රජය අයිතිකරුවා බවට පත්කර තිබෙන අතර කිසිවිටක විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය හෝ විකිණීමට කටයුතු නොකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් එක කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දූෂිත දේශපාලඥයන්ට නීතිය ක්‍රියාත්මක කරන විට එවැනි එකතුවීම සිදුවී ඇති බවය.