නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වත්මන් රජය යටතේ කිසිදු අපහසුතාවයක් නොමැති බවත්, ඒ සඳහා කිසිදු බලපෑමක් නොමැති බවත් නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අටමස්ථාන නායක හිමිවරුන් හමුවේ කියා සිටියේය.
පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (20දා) පස්වරුවේදී ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි සෑය වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේදීය.
මෙරට 37වන පොලිස්පතිවරයා ලෙස පත් වූ ප්‍රියන්ත වීරසූරිය මහතා, අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ රදුන් හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමි සහ රුවන්වැලි සෑ විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක හිමිවරුන් බැහැ දුටු අතර, ඔවුන්ගෙන් ආශිර්වාද ලබා ගනු ලැබීය.