රටක් පාලනය කිරීමේ දී විනයක් තිබිය යුතු බවත් නීති ගරුකව වැඩ කරන්නේ නම් කිසිවකුට කිසිම කරදරයක් සිදු නොවන බවත් වාරිමාර්ග, ස්වදේශ කටයුතු හා අපදා කළමණාකරන අමාත්‍ය හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (14දා) හම්බන්තොට දී කීය.
චමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉඩම් හිමිකම් පත් ප්රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
"රටක් පාලනය කිරීමේ දී අපි හැම කෙනෙක්ම ගාවම විනයක් තිබිය යුතුයි. අපි නීති ගරුකව වැඩ කළොත් අපට කිසිම කරදරයක් වෙන්නේ නැහ. නීති හදල තියෙන්නේ අපි වැරදි කරන නිසා ඒ හදපු නිති රීති අනුව නිළධාරීන්ට සම්පූර්ණ බලය තියෙනව නීති විරෝධි වැඩ කරන අය පිළිබඳව සොයල බලල වැඩ කටයුතු කරන්න.
මම නිළධාරියෙක් නොවෙයි. අපිත් කරනව ඇති වැරදි වැඩ කරන්න ඒ ගැනත් සොයාබලා කටයුතු කරන්න නිළධාරීන්ට පුළුවන්.මම ඒකට තරහ වෙන්නෙත් නැහ. එම නිසා හැම විටම අපේ යුතුකම් වගකිම් ඉටු කරන්න අවශ්‍යයි"
අම්බලන්තොට සනත් ගමගේ