අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට පහර දීමට අදාලව නීතිපතිවරයා විසින් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසට පොලිස්පති සී ඩී වික්රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
එම සිදුවීම සම්බන්ධයෙන් හදුනාගෙන ඇති සැකකරුවන් 22 දෙනා මෙම අපරාධවලට සම්බන්ධ බවට සාධාරණ සැකයක් ජනිත වන්නේ ද යන්න තවදුරටත් විමර්ශන කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.
මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ප්රගතිය නීතිපතිවරයා වෙත වාර්තා කරන ලෙසට ද වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ